ශ්‍රී ලංකාවට යුක්රේන සංචාරකයින් ගෙන්වා ගන්නා අතරේ යුක්රේනයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේද 5ක් අනාවරණය වේ.

ශ්‍රී ලංකාවට යුක්රේන සංචාරකයින් ගෙන්වා ගන්නා අතරේ යුක්රේනයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේද 5ක් අනාවරණය වේ.

නව කොවිඩ් වෛරස් වර්ග පහක් මේ වන විට යුක්රේනයේ සංසරණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී තිබෙන බව රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය සඳහන් කරනවා.

යුක්රේනයේ කලාප නවයකින් සාම්පල් 50 ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව හඳුනාගෙන තිබෙන බව යුක්රේනයේ මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කර ඇති බව සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරනවා.

B1, B1 1, B1 1 1, V1 5 සහ V2 ලෙස මෙම නව ප්‍රභේද හඳුනාගෙන ඇති අතර මෙම වෛරසය චීනයේ ආරම්භ වූ ගෝලීය ජාන ප්‍රභේදයට අයත් වූවක් බව සඳහන් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දැනට ශ්‍ර්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන යුක්රේන ජාතිකයන්ට මෙම වෛරස් ප්‍රභේදයන් ආසාදනය වී ඇත්නම් එය ශ්‍රී ලංකාව​ තුළ ව්‍යාප්ත වීමේ ඉඩකඩ බෙහෙවින්ම ඉහළ යා හැකි බව සඳහන් වේ.

 

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »