උඩ යන බිත්තර

බිත්තර මිල නැවත වැඩි කිරීමට සිදුවනු ඇතැයි නිෂ්පාදකයන් පවසනවා.

නිෂ්පාදන වියදම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ නිසා බිත්තර සහ වෙනත් කුකුළු නිෂ්පාදනවල මිල වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වෙන්නේ.

නිෂ්පාදකයන් පවසන්නේ අතරමැදියන් සහ සිල්ලර වෙළඳුන් මගින් බිත්තර අලෙවියේදී ප්‍රමාණවත් ආදායමක් ලබාගැනීමට හැකියාවක් නොමැති බවයි.

ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාංශය කියා සිටින්නේ පසුගිය වසරේ නොවැම්බර් තෙක් මාස දොළහක් ඇතුළත බිත්තර මිල සියයට 11 කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වූ බවයි.

කුකුළු නිෂ්පාදන සඳහා නව නීති හඳුන්වාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා. 

හේතුවෙන් සුළු පරිමාණ ව්‍යාපාරිකයන් බිත්තර නිෂ්පාදනයෙන් ඉවත්වන අතර එය ද මිල වැඩි කිරීමට හේතුවන බවයි මහා පරිමාණ නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »