හිරු සඳු ආරක්ෂා කිරීම ගැන මෙල්බන් මහේස්ත්‍රාත්ට ප්‍රශ්නයක්

මෙල්බන්හිදී  පුද්ගලයන් පස් දෙනෙකුට පිහි ඇනුම් එල්ල කළ සැකකරු සම්බන්ධ නඩු විභාගය ආරම්භ කර තිබෙනවා.

රඳවා තබා ඇති බන්ධනාගාරයේ සිට  වීඩියෝ සම්බන්ධතාවක් ඔස්සේ මෙල්බන් මහේස්ත්‍රාත් වෙත සැකකරු ඉදිරිපත් කර තිබූ බවයි සඳහන් වෙන්නේ.

පොලීසිය වෙත හෝ පත් කරන ලද  නීතිඥයාට සැකකරු කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

එහෙත් මහේස්ත්‍රාත් වෙත ඔහු කියා සිටියේ ඉදිරිපත්ව ඇති නීතිඥයා තමාගේ නීතිඥයා නොවන බවයි.

ඉදිරියේදී තමා වෙනුවෙන් තමා පෙනී සිටින බවද ඔහු පැවසූ බවයි සඳහන් වෙන්නේ. 

ඊට අමතරව සැකකරු කියා සිටියේ හිරු ඇතුළු සියලු ග්‍රහයන්  තමා විසින් ආරක්ෂා කළ බවයි. 

ඒ සම්බන්ධයෙන් කිවහැකි යමක් ඇත්දැයි ඔහු මහේස්ත්‍රාත්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ඇප ඉල්ලා සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

එහිදී  ඉදිරියේදී ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස දන්වා නඩුව සඳුදා දිනයට කල් තැබූ බවයි සඳහන්.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »