මෙල්බන් වරායට ඩොලර් මිලියන 27ක පාඩුවක්

වරාය සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගැටලු රැසක් උද්ගතව පවතින බව වාර්තා වෙනවා.

වැටුප් සම්බන්ධ ගැටලුවක් මත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ඔස්ට්‍රේලියා මැරිටයිම් යූනියන් තීරණය කළා.

එය ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී.

එතැන් සිට සතියකට ආර්ථිකයට සිදුවූ පාඩුව  ඩොලර් මිලියන 84 ක් බවයි වාර්තා වෙන්නේ.

වැඩිම හානිය සිදුව ඇත්තේ මෙල්බන් වරායට වන අතර එය ඩොලර් මිලියන 27 ඉක්මවා තිබෙනවා. 

එවැනි තත්වයක් යටතේ ගැටලුව සමථයකට පත් කිරීම සඳහා ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය  මැදිහත් විය යුතු බවයි පාර්ශව රැසක් අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »