දියනෑමට පෙර Beachsafe වෙබ් අඩවියට පිවිසෙන්න

ඔස්ට්‍රේලියාවේ වෙරළ කලාප ආශ්‍රිත නව ආරක්ෂක වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම කෙරෙහි වෙරළාරක්ෂක අංශයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

පසුගිය කාලසීමාව තුළ වෙරලාසන්න දීයේ ගිලිම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ යෑමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ

ඒ අනුව වෙරළ ආශ්‍රිත දියනෑමට පෙර Beachsafe වෙබ් අඩවිය වෙත පිවිස එහි වු QR කේතය Scan කරමින් වෙරළ ආරක්ෂක අංශ ස්ථානගතව ඇති ප්‍රදේශ හඳුනා ගැනීම වැදගත් වනු ඇති.

එලෙස හදුනා ගැනීමෙන් යම් අනතුරක් සිදුවුව ද කඩිනම් සේවා ලබා ගැනීමට ජනතාවට හැකියාව ලැබීම විශේෂත්වයක්.

වෙරළ ආරක්ෂණ අංශ ස්ථානගතව ඇති සෑම කලාපයක් තුලම සංඥා මගින් ආරක්ෂාව පිළිබද අනතුරු ඇගවීම් කර තිබෙනවා.

ඒ කොඩි යොදා ගනිමින්.

කොඩි සහිත කලාප තුළ පමණක් දිය නෑම සඳහා මිනිසුන් දිරිමත් කෙරෙන අතර රතු කලාපයෙන් එපිට අවදානම් සහගත  බවයි දැනුම් දී ඇත්තේ.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »