ශ්‍රී ලාංකිකයින්ට ඔස්ට්‍රේලියා Awards Scholarship විවෘත වෙයි.

2025 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකික උපාධි අපේක්ෂකයින් හට ඔස්ට්‍රේලියානු Awards Scholarship ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව ලබන පෙබරවාරි පළමුවන දා සිට ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලාංකිකයින්ට හැකි වනවා.

සඳහා අයදුම් කිරීමට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා සුදුසුකම් සපුරාලීම අත්‍යාවශ්‍ය වනු ඇති.

මෙම ශිෂ්‍යත්ව Master’s Degree සඳහා පමණක් වලංගු වන බව සඳහන්.

IELT හෝ ඊට අදාල භාෂා ප්‍රවීණතා විභාග සමත්වීම අත්‍යාවශ්‍ය වන අතර එහි ප්‍රතිඵලයන්ගේ වලංගුතාව 2025 ජනවාරි 1 දිනට පෙර අවසන් නොවිය යුතුයි.

අවම වශයෙන් IELT ලකුණු මට්ටම 6.5 විය යුතු අතර TOFEL ලකුණු මට්ටම අවම වශයෙන් 84ක් විය යුතු බවයි සඳහන්ව ඇත්තේ.

PTE පරීක්ෂණ ලකුණු මට්ටම අවම වශයෙන් ලකුණු 58ක් විය යුතුයි.

Awards Scholarship සඳහා වැඩි ප්‍රමුඛත්වයක් අම්පාර, යාපනය, මන්නාරම, පොලොන්නරුව,පුත්තලම, අනුරාධපුරය, මුලතිව්, නුවර එළිය, බදුල්ල,කිලිනොච්චිය, රත්නපුර, ත්‍රීකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්ක වලට හිමිවනු ඇති.

කෙසේ වෙත්ත බස්නාහිර පළාතේ කිසිදු දිස්ත්‍රික්කයක් මීට ඇතුලත් කර නැහැ.

කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා
+94 (0) 11 577 2977 සහ
+94 (0) 77 882 3309 යන දුරකතන අංක ඔස්සේ මෙන්ම [email protected] යන විද්‍යුත් ලිපිනය හරහා ශ්‍රී ලංකාවේ Australia Awards කාර්යාලය හා සම්බන්ධ විය හැකියි.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »