මෝටර් රථ ලුහුබැඳ පොලීසිය කළ දේ

සොරා ගත් මෝටර් රථ දෙකක් සමග පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය  සමත් වුණා. 

එන්ඩෝවර් හිල් ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් නිරීක්ෂණය කළ පොලිසිය ඒවා පසුපස ලුහුබැඳ තිබෙනවා. 

එහිදී  මෝටර් රථ දෙක අධික වේගයෙන් මාර්ග කිහිපයක් ඔස්සේ ධාවනය කර ඇතැයි සඳහන්. 

බලය යොදමින් මෝටර් රථ නවතා ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබෙනවා. 

එහි සිටි පස් දෙනකු  අත්අඩංගුවට ගෙන ඇති අතර හතර දෙනකු අවුරුදු දහ අටට අඩු බවයි පොලිසිය පවසන්නේ. 

මෝටර් රථ සොරා ගැනීම සහ නගරයෙහි වේගයෙන් ධාවනය කිරීම ආදී කරුණු පිළිබඳව පරීක්ෂණ ය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික සංගීතවේදිණියකට ජාත්‍යන්තරයේදී ලොකු ජයක්

ශ්‍රී ලංකික ගායන ශිල්පිණියක් මෙන්ම රංගන ශිල්පිණියක් වන වෛද්‍ය කාංචනමාලා රණසිංහ ගායනා කළ ගීතයක් ජාත්‍යන්තර සම්මාන උළෙලක අවසන් වටය සඳහා තෝරාගෙන තිබෙනවා.

Read More »

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »