කෑම බීම නැති Cat Cafe

කාන්තාවක විසින් ආරම්භ කළ Cat Cafe සම්බන්ධයෙන් විවිධ මත පළ වෙනවා. 

කැන්බරාහි කාන්තාවක ඇගේ නිදන කාමරය තුළ කැට් කැෆේ ආරම්භ කර තිබෙනවා. 

එහි විශේෂත්වය වන්නේ ඊට පැමිණෙන පුද්ගලයන් ඔවුන්ගේ ආහාර සහ බීම වර්ග රැගෙන ආ යුතු වීමයි. 

සුරතල් පූසන් හය දෙනකු කාමරයේ සිටින අතර  ආහාර පාන ලබා ගනිමින් පූසන් සුරතල් කිරීම සඳහා ආගන්තුකයන්ට අවස්ථාව හිමිවනවා. 

පැයක් සඳහා ගෙවිය යුතු මුදල  ඩොලර් 20 ක් වන අතර ආගන්තුකයෙකුට කැට් කැෆේ වෙත ඇතුළු විය හැක්කේ පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් සඳහායි. 

දරුවකු සඳහා පැයකට ඩොලර් විසිපහක් අය කරන අතර අවම කාලය පැය දෙකක් බවයි හිමිකාරිය සඳහන් කරන්නේ. 

කැට් කැෆේ පිළිබඳව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිස් මත ඉදිරිපත් කළා. 

ඇතැමෙක් කියා සිටියේ පූසන් සුරතල් කිරීම සඳහා නිදන කාමරයකට ඇතුළු වීම විහිලු සහගත බවයි. 

ආහාර පාන ලබා නොදෙන්නේ නම් එය කැට් කැෆේ වන්නේ කෙසේදැයි තවත් අය ප්‍රශ්න කර තිබුණා. 

හිමිකාරිය කියා සිටින්නේ මානසික සහනයක් උදෙසා කැෆේ භාවිත කළ හැකි අතර  ආගන්තුකයන් වෙත ආහාරපාන සැපයීමට තමාට හැකියාවක් නොමැති බවයි.

 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »