
ඔස්ට්‍රේලියාවේ ගෘහාශ්‍රිත වායු දූෂණය ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ගෘහාශ්‍රිත වාතයේ පවතින ගුණාත්මක ප්‍රමීතින්ගේ අගය පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් එම තත්වය එළිමහන් වාතයේ ගුණාත්මක භාවයට වඩා නරක අතට පත්ව ඇති බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රමිතින්ට අනුව ගෘහාශ්‍රිත වායු ගුණාත්මක භාව ලෙස ඝන මීටරයට මයික්‍රොග්‍රෑම් 5 ( 5μg/m³ ) අගය සඳහන්ව ඇති අතර ඔස්ට්‍රේලියාවේ එම අගය 8.31μg/m³ ඉක්මවා තිබෙනවා.
කෙසේ වෙතත අවම ගෘහස්ත වායු දූෂණය සහිත නගරය බවට සිඩ්නි නම් කර තිබීම විශේෂත්වයක්.

මේ අතර ඉන්දියාව සහ චීනය නරකම ගෘහස්ථ වාතය සහිත රටවල් අතුරින් ප්‍රමුඛස්ථානයට පත්ව ඇති බව සඳහන්.