රොබෝ වංචා අනතුරු ඇඟවීමක්

රොබෝ තාක්ෂණය සහ QR කේත යොදා ගනිමින් සිදුකෙරෙන වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

බැංකු කටයුතු ඉලක්ක කර ගනිමින් මෙම වසර තුළ දහස් ගණන් වංචනික ක්‍රියා සිදුවිය හැකි බවයි NAB  සයිබර් ආරක්ෂක සංගමය නිවේදනය කර ඇත්තේ.

මාර්ගගත ක්‍රම ඔස්සේ තැන්පතු ආයෝජන වංචා මෙම වසර තුළ ඉහළ යනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර තිබෙනවා.

විශේෂයෙන් රොබෝ තාක්ෂණය උපයෝගි කරගනිමින් සිදුවිය හැකි වංචනික ක්‍රියාවන් සංඛ්‍යාව මෙම වසර තුළ ඉහළ අගයක් ගන්නා බවයි NAB අවධාරණ කර ඇත්තේ.

NAB ප්‍රධාන කළමනාකරු ලෝරා හාර්ට්ලි පැවසුවේ සයිබර් වංචාකරුවන් නව වසර සඳහා මේ වන විටත් සුදානමින් පසුවන බවයි.

2023 වසරේ සෑම මසකම බැංකු කටයුතු ආශ්‍රිත වංචනික ක්‍රියා 1500කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබුණා.

විශේෂයෙන් මූල්‍ය ගණුදෙනු මුවාවෙන් ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ හා ඊමෙල් පණිවුඩ විවෘත කිරීමට යෑමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසයි සයිබර් ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »