Search

කුලී නිවාස මිලදී ගැනීමට අපහසු ඔස්ට්‍රේලියානු ප්‍රදේශ මෙන්න

ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මිල ගණන් යටතේ නිවාස මිලදී ගැනිමට වඩාත් අපහසු ප්‍රදේශ අතරට Greater Sydney පත්ව තිබෙනවා.

MCG සමීක්ෂණ දත්ත අනුව 2023 දෙසැම්බර් මස ප්‍රචාරණය කරන ලද කුලී මිල ගණන් අනුව අදාළ ශ්‍රේණිගත කිරීම් සිදුව තිබුණා.

මේ අතර කුලී නිවාස මිලදී ගැනීම් අතින් වඩාත් මිල අධික කලාප අතරට නිව් සවුත් වේල්ස් නාගරික කලාපය එක්ව ඇති බව සඳහන්.

නිවාස කුලී මිල ගණන් ශ්‍රේණිගත කිරීමේ දී Greater Melbourne සහ Greater Brisbane යන ප්‍රදේශවල මිල ගණන සැලකියයුතු ලෙස පහළ අගයක් ගෙන ඇති බව වාර්තා මගින් තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් පවතින ජීවන අර්බුදය හමුවේ කුලී නිවාස මිලදි ගැනීමේ දී ඔස්ට්‍රේලියානුවන් දැඩි මූල්‍ය ආතතියකට පත්ව ඇති බව සඳහන්.