Search

බර අඩුවෙන්න බාල ඖෂධ ගන්න තරුණියො

නව යොවුන් වියෙහි පසුවන සෑම 10 දෙනෙකුගේන් එක් අයෙක් ශරිර බර පාලනය සඳහා ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිත කරන බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ශරීර බර පාලනය සඳහා අනුමැතියෙන් තොර Diuretic, Laxative සහ Diet Pills වැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ වෙත තරුණ ප්‍රජාව යොමුව ඇති බව සඳහන්.

සමීක්ෂණ ප්‍රතිචාර දැක්වූ  ලොව පුරා ලක්ෂ 6කට ආසන්න තරුණ පිරිස් අතුරින් ශරීර ස්ථුලතාව හේතුවෙන් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වලට යොමුව ඇති බවයි සඳහන් කර ඇත්තේ.

ඇමරිකානු වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මෙලෙස ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය මගින් ශරිරයට සිදුවිට හැකි අහිත කර බලපැම 4 ගුණයකින් ඉහළ යනු ඇති බවයි.

විශේෂයෙන් ශරීර බර අඩු කර ගැනීම සඳහා ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිත කිරීමෙන් ආහාර ජීරණ පද්ධතියේ අක්‍රමිකතා ඇතිවිය හැකි බව සඳහන්.

නව යොවුන් වියේ ගැහැණු ළමයින් මෙලෙස ශරීර ස්ථූලතාව පාලනය සඳහා විවිධ නිෂ්පාදන භාවිත කිරීමේ ඉහළ අගයක් පෙන්නුම් කරන අතර සමාජ මාධ්‍ය ප්‍රචාරණ ඊට බලපානු ඇති.

කෙසේ වෙතත් මෙලෙස ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිතය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ නීතිමය රෙගුලාසි මෙතෙක් ක්‍රියාත්මකව නැහැ.

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් වසර 20කට ක්‍රිකට් තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »