දුම්පානය නවත්වන අලුත්ම වැඩපිළිවෙළ

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව 7 වසරේ සිට 10 වසර දක්වා පාසල් ළමුන් හට ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයේ අයහපත් බලපෑම් පිළිබඳ අවබෝධය ලබා දීම මෙහි අරමුණයි.

Vic Healthහි ප්‍රධාන විධායක වෛද්‍ය Sandro Demaio සදහන් කරේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා ඇබ්බැහි වු පාසල් ළමුන්ගෙන් ලැබෙන උපදේශන සේවා ඇමතුම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් සියයට 30ක් ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා ඇබ්බැහිව ඇති බව හදුනාගෙන තිබෙනවා.

ජනවාරි පළමුදා සිට රට තුළ තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කළ ද සමාජය තුළ නීති විරෝධී අලෙවියන් වැඩි වශයෙන් සිදුවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ තත්වය පාලනය සඳහා පාසැල් මට්ටමින් පන්තිකාමර තුළ ළමුන් දැනුවත් කිරිමේ ප්‍රමුඛ කාර්යයක් ගුරුවරුන්ට පවතින බව අවධාරණය කරනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »