නවසීලන්තයේදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික තරුණයෙක් මියයයි.

දියේ ගිලීමෙන් නවසිලන්තයේ සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ හිරාන් ජෝශප් නැමති 19 හැවිරිදි තරුණයෙක්.

ජනවාරි 2 වැනිදා ඕක්ලන්ඩ් හි කරෝයිටාහි වෙරළ තීරයේදී රල පහරට හසුවීමෙන් අතුරුදන් වු අතර ඔහුගේ සිරුර දින 5කට පසු හමුව තිබුණා.

අතුරුදන් වු ස්ථානයේ සිට කිලෝමිටර 20ක් එපිටින් වු ප්‍රදේශයක දි සිරුර සොයාගැනිමට නවසීලන්ත ජීවිතාරක්ෂක අංශ සමත්ව ඇති බව සඳහන්.

මියගිය තරුණයා සිය සොහොයුරන් සහ මිතුරන් සමග දිය නෑමට ගිය අවස්ථාවේදි මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

වසර 15කට ආසන්න කාලයක් ඔහු සිය පවුලේ සමාජිකයින් සමග නවසිලන්තයේ රැදි සිට ඇති බව සඳහන්.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »