Search

ලොව ධනවත්ම නළුවන් අතරට ෂාරුක් ඛානුත්

ලොව ධනවත්ම නළුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ලොකප්‍රසිද්ධ ඉන්දියානු රංගන ශිල්පී ෂාරුක් ඛාන් 4 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඔහු සතු වත්කම ඩොලර් මිලියන770ක් ලෙසයි වාර්තා වන්නේ.

ඒ අනුව ලොව වඩාත් ධනවත්ම රංගන ශිල්පීන් අතරට ඇමරිකානු නළුවන් දෙදෙනකු හිමිකම් කියනවා.

ඒ Jerry Seinfeld සහ Tyler Perry යන දෙපලයි.

ඔවුන්ගේ වත්මක් ඩොලර් බිලියනය ඉක්මවා ඇති බව සඳහන්.

ලොව වඩාත් ධනවත් රංගන ශිල්පීන් 10 දෙනා අතුරින් 8 දෙනෙකු ඇමරිකා එක්සත් ජනපදයෙන් වීම විශේෂත්වයක්.

ඒ අනුව Dwayne Johnson ට හිමි වත්කම ඩොලර් 800 වන අතර ටොම් කෲස්ට හිමි වත්කම සඳහන්ව ඇත්තේ ඩොලර් 620ක් ලෙසයි.

Jackie Chan ධනවත්කම අතින් ලොව 6වන ධනවත් රංගන ශිල්පියා වන අතර ඔහුට හිමි වත්මක ඩොලර් මිලියන 500ක්.