ලොව දිගින් වැඩිම මාර්ග අතරට ඔස්ට්‍රේලියාව ඇතුලත්වෙයි.

ලොව විශාලතම මාර්ග ජාල පද්ධති සහිත රටවල් අතරට ඔස්ට්‍රේලියාව එක්ව තිබෙනවා.

සමස්ත මාර්ග පද්ධතියෙහි දිග මත පදනම්ව ලොව විශාලතම මාර්ග ජාල දහය Roadtraffic-technology.com විසින් නම් කර තිබුණා.

ඒ අනුව ලොව දිගම මාර්ග ජාලයක් හිමි රට බවට ඇමරිකා එක්සත් ජනපදය නම් කර ඇති අතර මාර්ග ජාලයේ මුළු දිග කිලෝමීටර මිලියන 6.58ක්

ලොව දෙවන විශාලතම මාර්ග ජාලය චීනය සතු වන අතර එහි මුලු දිග සටහන්ව ඇත්තේ කිලෝමීටර මිලියන 4.24 ක් ලෙසයි.

අදාළ දත්ත අනුව ඔස්ට්‍රේලියාව හිමිව ඇත්තේ නවවන ස්ථානය වන අතර එහි මුලු දිග සටහන්ව ඇත්තේ කිලෝමීටර 823000ක් ලෙසයි.

කෙසේ වෙතත් ලොව දිගම ජාතික අධිවේගී මාර්ගය පද්ධති අතින් ඔස්ට්‍රේලියාව ‘Highway 1’ ප්‍රමුඛස්තානයට පත්ව තිබීම විශේෂත්වයක්.

මේ අතර ඉන්දියාව, බ්‍රසීලය සහ රුසියාව පිළිවෙලින් තෙවන සිව්වන සහ පස්වන ලොව විශාලතම මාර්ග ජාලය පද්ධතියකට හිමිකම් කියන රටවල් අතරට එක් වෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »