සුපිරි වෙළඳසැල්වලට රජය කරන දේ

ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් වඩාත් වගකිවයුතු බව ඔස්ට්‍රේලියා රජය පවසනවා.

කෘෂිකර්ම හා හදිසි අවස්ථා කළමනාකරණ අමාත්‍ය මරේ වොට් කියාසිටින්නේ, ජනතාව ජීවන වියදම වැඩිවීමේ අර්බුදයක සිටියදී සුපිරි වෙළෙඳ සැල් විශාල ලාභයක් උපයන බවයි.

උද්ධමනය අවම කිරීමට සහ ජනතාවට සහන සැලසීමට රජය අවධානය යොමු කරන බවද මරේ වොට් පෙන්වා දෙනවා.

ග්‍රීන් පක්ෂය කියාසිටියේ සුපිරි වෙළෙඳ සැල් ලබන ලාභය සම්බන්ධව සෙනට් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ඒ සමග රජය ද සුපිරි වෙළෙඳ සැල් කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

වූල්ස්වර්ත් සහ කෝල්ස් වෙළඳ සැල් පසුගිය වසරේදී ඩොලර් බිලියනයක ලාභ ලබා ඇති බවයි හෙළිව ඇත්තේ.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »