Australia Day සැමරුම්වලින් Woolworth ඉවතට

Australia Day සමගාමී වෙළඳ භාණ්ඩ අලෙවිය Woolworth සුපිරි වෙළඳසැල් වලින් ඉවත් කරන බවට එහි පාලනාධිකාරිය නිවේදනය කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි පාලනාධිකාරිය සඳහන් කලේ Australia Day සැමරුම් වලට විශේෂිත වූ භාණ්ඩ තම වෙළඳසැල් තුල අලෙවි කිරීමක් හෝ තොග වශයෙන් භාණ්ඩ තබා ගැනීමක් සිදු නොකරන බවයි.

විශේෂයෙන් Australia Day සමගාමීව ජාතික ධජයන් අලෙවි කිරීමක් ද මේ දින වල Woolworth වෙළදසැල් තුල සිදුවන්නේ නැහැ.

මේ හේතුවෙන් Australia Day වෙළඳ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් අඩුව ඇති බව සඳහන්.

සෑම වසරකම ජනවාරි 26 වනදා Australia Day සැමරුම් සිදු කෙරෙන අතර පසුගිය වසරේ දී බොහෝ සැමරුම් සංඛ්‍යාවක් අත්හිටුවා තිබුණා.

කෙසේ වෙතත් Australia Day තේමා නිෂ්පාදන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් හට Woolworth හි My Deal app ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව හිමිවනවා.

මේ අතර kmart ඇලෙවිසැල්ද Australia Day වෙළඳ භාණ්ඩ අලෙවිය නවතා ඇති බව නිවේදනය කළ ද Coles සුපිරි වෙළඳසැල් ජාලය සඳහන් කර ඇත්තේ කුඩා පරාසයක Australia Day වෙළඳ භාණ්ඩ විකිණීම් කටයුතු සිදු කෙරෙන බවයි.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »