ප්‍රථමවරට හදවත් රෝගීන් සඳහා රොබෝ තාක්ෂණයෙන් වෛද්‍ය සේවාවක්

හදවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝබෝ තාක්ෂණය අත්හදා බැලීමට ක්වින්ස්ලන්ඩ් හී රෝහලක් සමත්ව තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශ වල වෙසෙන රෝගීන් මුහුණදෙන අපහසුතා පාලනය කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව රොබෝ තාක්ෂණය උපයෝගී කරමින් හෘද රෝගීන් සඳහා වෛද්‍ය සේවා ආරම්භ කර ලොව ප්‍රථම රට බවට ඔස්ට්‍රේලියාව පත්වනු ඇති.

විශේෂයෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට නුදුරින් වු ග්‍රාමීය ප්‍රදේශවල හෘද රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට දීර්ඝකාලීන ප්‍රමාදයක් සිදුවන බවයි වාර්තා වන්නේ.

එම ප්‍රමාදයන් පාලනය කරමින් ඉදිරියේ දී හදවත් රෝගීන් සඳහා සිදුකෙරෙන ස්කෑන් පරීක්ෂණ රොබෝ තාක්ෂණය මගින් සිදු වනු ඇති.

නව තාක්‍ෂණයේ නිවැරදීතාව පරික්ෂා කිරීම සඳහා තවත් මාස 12ක කාලසීමාවක් ගතවනු ඇති බව සඳහන්.

හෘද රෝගීන් සඳහා වඩාත් වේගවත් රෝග විනිශ්චයන් සහ උසස් තත්වයේ ස්කෑන් රූප ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »