
මාරාන්තික මයිටා විශේෂයක් හේතුවෙන් ලොව පුරා මී මැස්සන්ගේ ජනපද විනාශ වීමේ අවධානමක් පවතින බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා.
Varroa ලෙස හසුන්වන මයිටා විශේෂය පළමුවරට ඔස්ට්‍රේලියාවෙන් හමුව ඇත්තේ පසුගිය ජුනි මාසයේ වන අතර ඒ නිව්කාසල් ප්‍රදේශයෙන්.
මරාන්තික Varroa මයිටා විශේෂය මීමැස්සන් හා ස්පර්ශවීමෙන් මීමැස්සන් නෙන්ම සමස්ථ මීමැසි ජනාවාස පවා විනාශ වීමේ අවදානමක් පවතිනවා.

මීමැස්සන් පාලනය සඳහා වඩාත් මාරාන්තික පලිබෝධකයන් කොටසක් ලෙසයි Varroa මයිටාවන් ලොව පුරා ප්‍රසිද්ධව ඇත්තේ.
යුරෝපයල, නවසීලන්තය සහ උතුරු ඇමරිකාව පුරා Varroa මයිටායන්ගෙන් සිදුවන බලපෑම ඉහළ වන අතර මී මැස්සන් වඳකිරීමට හැකියාව ද ඉහළ බව සඳහන්.

ඔස්ට්‍රේලියාව තුළ Varroa මයිටාවුන් පාලනය සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතින අතර මේ තත්වය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් වසරකට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවන පාඩුව ඩොලර් මිලියන 70 ක් බවයි වාර්තා වන්නේ.