Search

සැණකෙළි අතරතුර ජංගම මත්පෙති පරික්ෂණ මධ්‍යස්ථාන පිහිටුවන්න සූදානම්.

ඔස්ට්‍රේලියාවේ සංගීත ප්‍රසංග අතරතුර මත්පෙති පරික්ෂා කිරීම සඳහා ජංගම මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළ යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

පසුගියදා මෙල්බන් හි පැවති සංගීත ප්‍රසංගයක් අතර තුර අධිමාතා සහිත මත්පෙත් භාවිත කල පුද්ගලයින් 9 දෙනෙකු රෝහල් ගත කිරීමත් සමඟ මේ පිළිබඳ අවධානය යොමුව තිබුණා.

සමාජය පුරා වැඩි වශයෙන් අධිමාතා සහිත නීති විරෝධී මත්ද්‍ර්‍ය හුවමාරු වන බවටයි වාර්තා ලැබී ඇත්තේ.

කෙසේ වෙතත් සංගීත ප්‍රසංග අතර තුර නොමිලේ මත්පෙති පරික්ෂා කිරීමේ රහසිගත වැඩපිළිවෙලක් 2019 වසරේ ආරම්භ වුවද එය අඛණ්ඩව සිදු වුනේ නැහැ.

ප්‍රධාන සංගීත උත්සව අතර තුර මත්පෙති පරික්ෂා කිරීම සඳහා ජංගම මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළ යෝජනා මේ වන විටත් වික්ටෝරියානු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව භාවිත කරන මත්පෙති ශරීරයට හිතකර මෙන්ම එහි අඩංගු මාත්‍රා පිළිබඳ දැනගැනීමට තරුණප්‍රජාවට අවස්තාව හිමිවනු ඇති.

මීට පෙර අවස්ථා කිහිපයක දීම සංගීත ප්‍රසංග අතර තුර මත්පෙති භාවිතයෙන් තරුණ තරුණියන් කිහිපදෙනෙකු මිය යෑමත් සමග නොමිලේ මත්පෙති පරික්ෂාවක් ආරම්භ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබුණා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »