Search

වික්ටෝරියා Coastal Jam සැණකෙළිය අවලංගු වෙයි

ජනවාරි 13 වනදා වික්ටෝරියා හි පැවැත්වීමට නියමිතව තිබූ දැවැන්ත Coastal Jam සංගීත සැණකෙළියක් අවලංගු කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

වසර 6ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම සැණකෙළිය පවතින ජීවන වියදම හමුවේ අවලංගු කිරීමට තීරණය කල බවයි එහි නිර්මාතෘ Adam Metwally සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ වන විටත් සංගීත සැණකෙළිය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගත් රසිකයින් සඳහා එම මුදල් ආපසු ලබා දීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

පසුගිය වසර වලට සාපේක්ෂව මෙවර Coastal Jam සංගීත සැණකෙළිය සඳහා ප්‍රවේශපත් අළෙවිය මන්දගාමී මුහුණුවරක් ගෙන ඇති බව සඳහන්.

Adam Metwally සිය Instagram ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන්ට විනෝදකාමි උත්සව සඳහා වැය කිරිමට ප්‍රමාණවත් මුදලක් නොමැති බවයි.

කෙසේ වෙතත් Coastal Jam රසිකයින් සැණකෙළිය අවලංගු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කිසිදු පැහැදිමක් නොමැති බවයි සඳහන් කර ඇත්තේ.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »