Search

Black Friday කාලසීමාවේ ඔස්ට්‍රේලියා වාර්තාවක්

2023 වසරේ භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමේ දී වාර්තාගත මිලදී ගැනීම් සංඛ්‍යාවක් Black Friday කාලසීමාව තුල සිදුව ඇති බව නවතම දත්ත මඟින් තහවුරු වී තිබෙනවා.

ජීවන වියදම හමුවේ Black Friday වාසිදායි වට්ටම් මඟින් තම අවශ්‍යතා සපුරා ගැනීමට බොහෝ පිරිසක් යොමුව ඇති බව සඳහන්

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් වැඩිම මස ලෙස දෙසැම්බර් මාසය සැලකෙන අතර මෙවර එම තත්වය Black Friday දිනට මාරුව තිබෙනවා.

ABS  ප්‍රධානී රොබට් එවින්ග් පැවසුවේ ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ මුදල් වියදම් කරන මාසවල වෙනසක් සිදුව ඇති බවයි.

ඒ අනුව Black Friday දිනට සමගාමීව පසුගිය නොවැම්බර් මස වැඩි මුදලක් වැය කර ඇත්තේ ගෘහ අශ්‍රිත අවශ්‍යතා සපුරා ගැනීමට බව සඳහන්.

පාරිභෝගිකයින් Black Friday වට්ටම් ලබා ගැනීමේ අරමුණින් ඔක්තෝබර් මස මිලදී ගැනීම් සීමා කර ඇති බවද දත්ත අනුව පෙනී ගොස් තිබුණා.

 

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »