අයහපත් කාලගුණයෙන් ආර්ථිකයට ගැටලු

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය රටේ ආර්ථියකය නගා සිටුවීමට තර්ජනයක් බව ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා.

 සෙනෙට් සභික මැට් කැනවන් පවසන්නේ ගංවතුර තත්වය මුල් කරගෙන රජය යම් වාසි ලබා ගැනීමට සැළසුම් කර ඇති බවයි.

ආපදා තත්වයන් මුල් කරමින් ආර්ථිකයට තර්ජනයක් සිදුව ඇති බවට භාණ්ඩාගාරය පැවසුව ද එය සාධණීය නොවන බව සඳහන්.

කෙසේ වෙතත් අපදා මුල් කරගනිමින් ආර්ථිකයේ පැවති දුර්වලතා වසන් කිරීමට රජය උත්සහ කරන බව ඇතැම් පිරිස් චෝදනා නගනවා.

ජිම් චාමර්ස් පෙන්වා දෙන්නේ වසර ආරම්භයේ සිට පවතින ගංවතුර තත්වය ආර්ථිකය නගා සිටුවීමට සෘජුව බලපෑම් කරන බවයි.

භාණ්ඩාගාරය විසින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම නිදහසට කරුණු දැක්වීමක් බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »