
නිවාස ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියා රජය තව බොහෝ දේ කළ යුතු බවට මත පලවෙනවා.
නිවාස මිලියන එකයි දශම දෙකක් ඉදිකිරීම රජයේ අපේක්ෂාව වී තිබුණා.
එහෙත් මාස්ටර් බිල්ඩර්ස් ඔස්ට්‍රේලියා කියා සිටින්නේ දැනට ඉදි වන වේගය අනුව අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට නොහැකි වන බවයි.

ඒ නිසා නිවාස ඉදිකිරීමේ වේගය වැඩි කිරීමට රජය රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව මාස්ටර් බිල්ඩර්ස් ඔස්ට්‍රේලියා ප්‍රධාන ආර්ථික විශේෂඥ ෂේන් ගැරට් පවසනවා.
පසුගිය වසර පහ ඇතුළත ස්ට්‍රේලියාවේ නව නිවාස නවලක්ෂ පනස් දහසක් පමණක් අනුමත වී තිබෙනවා.

ඒ අනුව අපේක්ෂිත ඉලක්කයට ළඟා වීම සඳහා තවත් නිවාස හැත්තෑදහසක පමණ අඩුවක් පවතින බවයි ගැරට් පෙන්වා දෙන්නේ.
ඊට හේතු වී ඇත්තේ දැනට ඉදිවන නිවාස සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ දහස මදක් ඉක්මවා තිබීමයි.