වයස 34 ක් වන ප්‍රංශයේ අලුත් අගමැති

Gabriel Attal ප්‍රංශයේ නව අගමැති ලෙස පත්කර තිබෙනවා.

ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් නව ආරම්භයක් වෙනුවෙන් මෙම තීරණයට එළඹ ඇති බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා පෙන්වා දෙනවා.

ඒ අනුව වයස අවුරුදු තිස් හතරක් වන ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා බවට පත්වුණා.

රජය තුළ  නිර්මාණය වූ අර්බුදයක් හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය එලිසබෙත් බෝන් ඉල්ලා අස්වීමට තීරණය කළා.

ඒ සමග අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා බවට පත්වූ එම්මානුවෙල් මැක්රොන් තීරණය කළ බවයි සඳහන්.

නව අමාත්‍ය මණ්ඩලය ඉදිරි දින කිහිපයේදී පත් කිරීමට නියමිත අතර ප්‍රධාන අමාත්‍ය දධුර කිහිපයක් වෙනස් නොවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »