රක්ෂණ හිමියන් සඳහා වන්දි ප්‍රදානයට රක්ෂණ ආයතන නිවැරදි ක්‍රියා මාර්ග ගත යුතු බව භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් අවධාරණය කරනවා.
ඔස්ට්‍රේලියාවේ අයහපත් කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් දේපළ හානි වලට ලක්ව සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
වගා බිම් විනාශ වීම ඒ අතරින් විශේෂිත තත්වයක්.
ජලගැලීම්වලින් විපතට පත්වීම හේතුවෙන් ගොවීන් වෙත වන්දි ගෙවීමට නොහැකි බව රක්ෂණ සමාගම් ප්‍රකාශ කර ඇති බව හෙළිවුණා.
ඊට අවධානය යොමු කරමින් භාණ්ඩාගාරික අමාත්‍යවරයා කියා සිටින්නේ රක්ෂණ හිමියන්ට ප්‍රතිලාභ ලබාදීම අනිවාර්ය බවයි.
ඒ නිසා නිවැරදි ක්‍රියාමාර්ගය රක්ෂණ සමාගම් විසින් අනුගමනය කළ යුතු යැයි ඔහු අවධාරණය කරනවා.