Search

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට 2020 වසරේ දී අවස්ථාව ලැබී ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට 2020 වසරේ දී අවස්ථාව ලැබී ඇත.

මෙහිදී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය වසර තුළ දී 10.5% ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කර තිබේ.

වසර 35 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ අවස්ථා 12 කදී පමණක් සියලු කොටස් මිල දර්ශකය ඉලක්කම් දෙකක වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර මෙය 2014 වසරෙන් පසු වාර්තා වූ වැඩිම වාර්ෂික වර්ධන අගයය ද වේ.

මේ අනුව 2020 වසර අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය සනිටුහන් වූයේ ඒකක 6.774.22 ක් ලෙසිනි.

2020 මැයි 12 දින පසුගිය දශකයක කාලය තුළ අවම මට්ටමට සියලු කොටස් මිල දර්ශක අගය පැමිණිය ද වසරේ සෙසු කාලය අතරවාරයේ දී 59% ක වර්ධනයක් ළඟා කර ගැනීමට එය සමත්විය.

මේ අතර කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය 2020 වසර තුළ දී රු. බිලියන 109 කින් ඉහළ ගොස් තිබේ.

කටුනායකින් මෙල්බන් යන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් ගමනක් අවලංගු වෙයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පැය 11 ක් ප්‍රමාද කළ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානයක ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට පළමු පදක්කම ගෙනා නිමල් වන්නිආරච්චි

15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් ඊයේ දිනයේදී සමත් වුණා.

Read More »