විපක්ෂයෙන් රජයට බලකිරීමක්

සුපිරි වෙළඳසැල් හි භාණ්ඩ මිලගණන් සමාලෝචනය කිරීම සඳහා කඩිනම් සැළැස්මක් ප්‍රකාශයට පත් කරන්නැයි විපක්ෂය රජයට බලකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාවලියක් ස්ථාපිත කරන බවට රජය පසුගිය ඔක්තොම්බර් මස සඳහන් කළ ද මාස තුනක් ගතවුව ද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මෙතෙක් ගෙන නැහැ.

ජීවන වියදම හමුවේ සුපිරි වෙළඳසැල් හී මිල ගණන් දැරිය නොහැකි ලෙස ඉහළ අගයක් ගන්නා බවට අවස්ථා කිහිපයක දීම රජයට චෝදනා එල්ල වී තිබුණා.

එවන් පසුබිමක රජය මේ සම්බන්ධයෙන් කිසිඳු වැඩපිළිවෙලක් නොගැනිම කණගාටුවට කරුණක් බවයි නැෂනල්ස් පක්ෂ නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් පවසන්නේ.

සුපිරි වෙළඳසැල් ගොවින්ගෙන් අඩු මිලට ආහාර මිල දී ගෙන පාරිභෝගිකයින් වෙත වැඩි මිල ගණන් යටතේ අලෙවි කරණ බවට පසුගියදා භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අවධාරණය කර තිබුණා.

ලිට්ල්ප්‍රවුඩ් පවසන්නේ සුපිරි වෙළඳසැල් ලාභ ලැබීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති අතර එහි ක්‍රියාදාමය විනිවිදභාවයක් පැවතිය යුතු බවයි.

 

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »