ක්වීන්ස්ලන්ඩ් හා වික්ටෝරියා වෙත අගමැති කරන දේ

ගංවතුරෙන් ආපදාවට පත් ක්වින්ස්ලන්ඩ් සහ වික්ටෝරියා වැසියන් සඳහා තවදුරටත් සහන පැකේජ ලබා දෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ස්වාභාවික ආපදාවන්ගෙන් පිඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැපයිම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍ය වරයා එහිදි අවධාරණය කළා.

පසුගිය කාලසීමාව තුළ සුළි සුලං, ගංවතුර සහ ලැව්ගිනි වැනි ස්වභාවික අපදාවන් රැසකට මුහුණදීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදු වුණා.

දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම පමණක් නොව එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වු හැකියාව ඉහළ නැංවිය යුතු බවයි ඇන්තනී ඇල්බනීස් අවධාරණය කළේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය වරයා සඳහන් කර ඇත්තේ ගංවතුර තත්වය විද්‍යාව සහ දේශගුණික විපර්යාස යන දෙඅංශයෙන්ම අනතුරු ඇඟවීමක් බවයි.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »