වෝනර් ගෙන් බිරියට පැසසුම්

ක්‍රීඩාවේ සුවිශේෂි තත්ත්වයක් අත්කර ගැනීමට සිය බිරිය හේතු වූ බව ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පවසනවා.

විශේෂ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ හැඟීම් රැසක් සමග සටහන ආරම්භ කළ බවයි.

බිරිය නොමැති නම් ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝදුර යෑමට තමාට අවස්ථාව නොලැබෙන බව පෙන්වා දෙනවා.

අසීරු ඉලක්ක අත්පත් කර ගැනීම සඳහා මානසික ස්ථාවරය වැදගත් වන අතර සිය බිරිය ඊට පූර්ණ සහාය දෙමින් ශක්තියක් වූ බවයි වෝනර් පෙන්වා දෙන්නේ. 

ක්‍රිකට් යනු ජීවිතය බවත් ඊට දැඩි ආදරයක් තමා තුළ ඇති බවත් ක්‍රීඩාව තුළ රැඳී සිටීමට බිරිය ශක්තියක් වූ බවත් වෝනර් පවසනවා. 

සැබෑ ධෛර්යය කුමක්දැයි පෙන්වා දී කරුණාවෙන් අභියෝගවලට මුහුණ දීමට තමා සූදානම් කිරීම බිරියගේ විශිෂ්ට ලක්ෂණයක් බවද ඔහුගේ අදහසයි.

ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩකයෙකු බවට පත්ව, වෝනර් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ දින කිහිපයකට පෙර.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »