වික්ටෝරියාහි කොවිඩ් ව්‍යාප්තිය වැඩිවී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ වනවිට කොවිඩ් නිසා රෝහල්ගත කෙරෙන සාමාන්‍ය සංඛ්‍යාව 377 ක් දක්වා වැඩිවී තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මාසයේ සාමාන්‍ය අගය 326 ක් පැවති බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපයේදී රෝගය තවත් ව්‍යාප්ත විය හැකි බවට විශ්වාස කෙරෙනවා.
මේ අතර අප ජලයෙහි කොවිඩ් වෛරස් ප්‍රමාණය වැඩිවී ඇති බව ද සඳහන්.
ඒ නිසා වික්ටෝරියා ජනතාව කොවිඩ්වලින් වැවකි සිටීමට නිවැරදි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.