ආරක්ෂක අංශවලට විදේශිකයන් බඳවා ගැනීමේ තීරණය අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් නොදැන සිටින්නේ කෙසේදැයි විපක්ෂ නායක පීටර් ඩටන් ප්‍රශ්න කරනවා.
ඉතිහාසයේ ප්‍රථම වරට ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ වලට විදේශිකයන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ සම්බන්ධව මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ආරක්ෂක අංශ සාමාජිකයන් බඳවා ගැනීම ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යයක් බවයි.
මිත්‍ර පාර්ශව සමග අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි කිරීම රජයේ ප්‍රතිපත්තිය බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
එහෙත් විදේශිකයන් බඳවා ගැනීම පිළිබඳව ඔහු සෘජු ප්‍රකාශයක් නොකළ බවයි පීටර් ඩටන් පෙන්වා දෙන්නේ.