වැස්සේ වාර්තාවක් ගංවතුර ඉහළට

වික්ටෝරියාහි ගංවතුර තවත් වර්ධනය වන බවයි Emergency Victoria සඳහන් කරන්නේ.

පසුගිය පැය කිහිපයේදී ද ප්‍රදේශ ගණනාවකට දැඩි වර්ෂාවක් ලැබී තිබෙනවා.

එය ගංගා කිහිපයක ජල මට්ටම වැඩි වීමට හේතු වන බවයි සඳහන්.

Rochester, Seymour සහ Yea ප්‍රදේශවලට නිකුත් කළ අනතුරු ඇඟවීම තවමත් ඉවත් කර නැහැ.

ඒවායෙහි ප්‍රදේශ කිහිපයක ජලය මදක් අඩුවෙමින් පවතින අතර තවත් ප්‍රදේශ කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. 

මධ්‍යම වික්ටෝරියාහි ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 160 ඉක්මවූ වර්ෂාවක් පසුගිය පැය 24 ඇතුළත ඇද වැටී තිබුණා.

Bendigo වලට වසර 90 කට පසු පැය 24 කදී ලැබුණු වැඩිම වර්ෂාව සටහන් වන අතර එය මිලිමීටර් 92 ක්. 

විශාල පිරිසක් විවිධ ගැටලුවලට ලක්ව සිටින අතර මුදාගැනීමේ සහ සහන මෙහෙයුම් රැසක් ප්‍රාන්තය තුළ ක්‍රියාවට නංවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »