වික්ටෝරියා පොලීසියට නඩු

වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ වෙඩි තැබිමකට ලක්වු පුද්ගලයෙකු වික්ටෝරියා පොලීසියට විරුද්ධව නඩු පවරා තිබෙනවා.

2020 වසරේ සිදුකළ හඳිසි වැටලීමක් අතරතුරු පොලීසිය විසින් පැමිණිලි කරුගේ පාදයට වෙඩි තැබීමක් සිදු කර තිබුණා.

මෙලෙස වෙඩිතැබීමට ලක්ව ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකු වන අතර වෙඩිතැබීම ඔහුගේ නිවාස පරිශ්‍රය අසළ සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුකළ පොලිස් නිලධාරීයා අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීම සිදු කළ බවයි.

පැමිණිළිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ තුවාල ලැබීම් හා සමාජ අපවාද හේතුවෙන් තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්වය එතරම් හොඳ මට්ටමක නොමැති බවයි.

කරුණු ඔප්පු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය වසරේදී අදාළ නඩු කටයුත්ත අවසන් වුව ද යළිත් වරක් පැමිණිලිකරු වික්ටෝරියා පොලීසියට විරුද්ධව නඩු පවරා ඇති බව සඳහන්.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »