අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල දැමීම සම්බන්ධයෙන් සුපිරි වෙලඳසැල්වලට වෙන දේ

ජීවන වියදම හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සුපිරි වෙළඳසැල් හිමියන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ හේතුවෙන් ඉදිරියේ දී සුපිරි වෙළඳසැල් සඳහා අධීක්ෂණ  ක්‍රියාවලියක් ස්ථාපිත කරන බවයි. 

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමත බව සඳහන්.

සුපිරි වෙළඳසැල් ලාභය ඉපැයීමේ අරමුණ මත පාරිභෝගිකයින් දැඩි පීඩනයට පත්කරන බවයි ජිම් චාමර්ස් එහිදි සඳහන් කළේ.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ෆෙඩරල් රජයේ ඩොලර් බිලියන 23 ක ජීවන වියදම් සැලැස්මට අනුව විදුලි බිල්පත් මිල, ළමා ආරක්ෂණ වියදම් සහ නිවාස කුලී සඳහා ඉදිරියේදී වඩාත් හොද සහන ලබා දෙන බවයි.

මීට අමතරව සුපිරි වෙළඳසැල් සම්බන්ධයෙන් සෙනෙට් පරික්ෂණයක් ද ලබන පෙබරවාරි මස සිට ආරම්භ කරන බව ද සඳහන්.

ඒ අනුව ඉදිරියේ දී සුපිරි වෙළඳසැල්හි අසාමාන්‍ය මිල ඉහළයෑම් අධීක්ෂණය වනු ඇති.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »