Search

ශ්‍රී ලාංකික කාන්තාවක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Mrs World තරගයට

ලෝක විවාහක රූ රැජන තරගයේදී ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ නිලුපුලී කරුණාරත්න සුදුසුකම් ලබා තිබෙනවා.

ඇය පර්ත් හි පැවැති Mrs Australia World 2023 තරගයේ ජය හිමි කර ගත්තා.

ඒ අනුව ජාත්‍යන්තර තරගයට සුදුසුකම් ලබා සිටින ඇය ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සහිත ව්‍යවසායිකාවක්.

සිව් හැවිරිදි නිවුන් දරුවන්ගේ මවක වන ඇය හිටපු බැංකු නිලධාරිනියක් සේම වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ MBA උපාධිධාරිනියක්ද වනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක්ද වන ඇය ඔස්ට්‍රේලියාවේ ස්වේච්ඡා සේවා සඳහා කාර්යක්ෂමව දායක වන්නේ Gidget Foundation හරහා.

ලබන දාහතර සිට විසි එක්වනදා දක්වා Las Vegas හි පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගය වෙනුවෙන් Mrs Fabulous Face සඳහා ඇයට ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබට අවස්ථාව තිබෙනවා.

ඇය නියෝජනය කරන්නේ ඔස්ට්‍රේලියාව.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »