Search

ආසියාවේ ධනවත්ම පුද්ගලයා නැවතත් ගෞතම් අදානි

ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට නැවතත් ඉන්දියාවේ ගෞතම් අදානි ට හැකිවී තිබෙනවා. 

ඔහුගේ වත්කම ඩොලර් බිලියන අනූ හතයි දශම හය දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙතෙක් ඉන්දියාවේ මුකේෂ් අම්බානි ධනවත්ම ආසියාතිකයා ලෙස රැඳී සිටියා.

ඔහුගේ ආදායම ඩොලර් බිලියන අනූ හතක් බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.

මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය කරුණු කිහිපයක් ගෞතම් අදානි ට එරෙහිව ක්‍රියාත්මක වූ අතර ඒවා තවදුරටත් පරීක්ෂා කළ යුතු නැතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.

ඒ සමග අදානි ව්‍යාපාරවල කොටස් මිල වැඩි වූ බවයි ජාත්‍යන්තර වාර්තා පවසන්නේ.

එහි තත්වයක් මත ක් නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ගෞතම අදාලට හැකි වී ඇති බවයි Bloomberg Billionaires Index පෙන්වා දෙන්නේ.

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »