සංක්‍රමණික සහ නිවාස අර්බුදයට විසඳුම් රජයට නැතැයි චෝදනා

සංක්‍රමණික ගැටලුව සහ නිවාස අර්බුදයට නිවැරදි විසඳුම් ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජයට නැතැයි චෝදනා නැගෙනවා.

නිවාස මිල ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර ප්‍රමාණවත්ව නිවාස සංඛ්‍යාවක් නොමැති බවයි ඡායා සංක්‍රමණික අමාත්‍ය ඩෑන් ටෙහාන් පෙන්වා දෙන්නේ.

වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට ඇතුළුවන විදේශිකයන් ගේ ප්‍රමාණය ලක්ෂ 5 ක් දක්වා වැඩි වී තිබෙනවා.

ඔවුන්ට අවශ්‍ය නිවාස පහසුකම් සැලසීමට රජය වෙත සැලසුමක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සංක්‍රමණික නීති වෙනස් කිරීමට රජය පියවර ගත්තා. 

එහෙත් ඩෑන් ටෙහාන් කියාසිටින්නේ, ඔස්ට්‍රේලියාවට අවශ්‍ය කුසලතා සහිත පුද්ගලයන් ගෙන්වා ගත යුතු බවයි. 

එය සිදුවිය යුත්තේ සියලු ඔස්ට්‍රේලියා ජාතිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන පරිදි බවත් ඔහු පෙන්වා දෙනවා.

 

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »