මෙල්බන් සංගීත සංදර්ශනයකදී මත්ද්‍රව්‍ය ලබාගත් 8 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන්ගේ තත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
7 දෙනෙකු සිහි නොමැතිව සිටින අතර ඔවුන් ශ්වසන ආධාරක මත සිටින බවයි වාර්තා වෙන්නේ.
මත්ද්‍රව්‍ය මාත්‍රාව වැඩීවීම හෝ විෂවීම් අනතුරට හේතුව බවයි විශ්වාස කෙරෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.