නාසි කෞතුක වටිනාකමක් ඇති භාණ්ඩ වෙන්දේසියක

නාසි හමුදාවන්ට අයත්ව තිබු පෞරාණික ද්‍රව්‍ය හා කෞතුක වටිනාකමක් ඇති භාණ්ඩ කිහිපයක් මෙල්බන් හිදී වෙන්දේසි කර තිබෙනවා.

අන්තර්ජාල මාර්ගගත ක්‍රමයට වෙන්දේසිය සිදුකර ඇත්තේ Mount Evelyn  හි Oldies Collectables බවයි වාර්තා වෙන්නේ.

දෙවන ලෝක යුද සමයේ ජර්මන් සොල්දාදුවන් භාවිත කළ නිල ඇඳුම්, අත් පළඳනා ඇතුළු පෞරාණික ද්‍රව්‍ය වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා.

ඉන් එක් නිල ඇඳුමක් ඔස්ට්‍රේලියා ඩොලර් 9000 කට අලෙවි වී තිබෙනවා. 

ගැනුම්කරුවන් 130 ක් පමණ මාර්ගගතව වෙන්දේසියට සම්බන්ධ වූ බවද සඳහන්.

ඔස්ට්‍රේලියා නීතිය අනුව නාසි සංකේත හෝ සම්බන්ධිත ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට මාස 12 ක් දක්වා සිර දඬුවම් නියම කෙරෙනවා. 

එම නීතිය ක්‍රියාත්මක වන්නේ අද සිට වන අතර නීතිය ක්‍රියාත්මක වීමට පෙර වෙන්දේසිය අවසන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »