ඉදිරි පැය කිහිපයේදී ද අයහපත් කාලගුණය වික්ටෝරියා වෙත බලපාන බවට අනතුරු ඇඟවෙනවා.
වැසි සමග කුණාටු ඇතිවිය හැකි බවයි කාලගුණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.
පසුගිය පැය කිහිපය ඇතුළත ප්‍රදේශ ගණනාවකින් ජල ගැලීම් වාර්තා වී තිබෙනවා.
ඒවායෙන් පීඩාවට පත්වූ 26 දෙනෙකු මුදා ගත් බවයි වාර්තා වෙන්නේ.
Bendigo නගරයේ ජලගැලීම් නිසා පවුල් 30 ක් සාමාජිකයන් ඉවත් කිරීමට පියවර ගැනුණා.
පසුගිය පැය හය ඇතුළත වික්ටෝරියා උතුරු ප්‍රදේශයට මිලිමීටර් 100 ක වර්ෂාවක් ලැබී ඇති අතර මධ්‍යම වික්ටෝරියා ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් තුළ මිලිමීටර් 160 ඉක්මවූ වර්ෂාවක් ලැබී තිබෙනවා.
එය තවදුරටත් ජලගැලීම් ඇතිවිය හැකි තත්වයක් බවයි Emergency Victoria සඳහන් කරන්නේ.
උදේ 10.00 න් අවසන් පැය 24 දී සහාය අවශ්‍ය බවට ඇමතුම් 920 ක් ඔවුන් වෙත ලැබී තිබෙනවා.
500 කට වැඩි සංඛ්‍යාවක් ජලගැලීම් වෙනුවෙන් වන අතර, ගස් කඩා වැටීම් සම්බන්ධ සහාය සඳහා ඇමතුම් 210 ක් ලැබී ඇති බවයි Emergency Victoria සඳහන් කරන්නේ.
නිවාස හා ගොඩනැගිලි හානි 118 ක් ද වාර්තා වී තිබෙනවා.