වික්ටෝරියා සුළං බලාගාරයට රජයෙන් බාධා

වික්ටෝරියාහි යෝජිත සුළං බලාගාරයට අනුමැතිය ලබා දීම ෆෙඩරල් රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

එය ස්ථාපනය කළහොත් වික්ටෝරියාහි තෙත් බිම් කලාපයට හානි සිදුවිය හැකි බවයි පරිසර අමාත්‍යාංශය පවසන්නේ. 

මෙල්බන් නගරයට ගිනිකොණ දෙසින් ස්ථාපනයට සැලසුම් කර තිබූ සුළං බලාගාරය නිසා දේශීය සත්ත්ව හා ශාක ප්‍රජාවට හානි සිදුවිය හැකි බවට මත පළ වෙනවා.

ඒ අනුව යෝජිත ස්ථානයෙහි සුළං බලාගාරය ස්ථාපනයට එකඟ නොවන බවයි ෆෙඩරල් රජය පවසන්නේ.

මෙම තීරණයත් සමග වසර 2030 වනවිට බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 82 ක් පුනර්ජනනීයව ලබාගැනීමේ සැලසුමට බාධා මතුවනු ඇතැයි ද සඳහන්. 

 

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »