ගංවතුරෙහි මෝටර් රථ ධාවනයෙන් වළකින ලෙස උපදෙස්

ගංවතුරෙහි මෝටර් රථ ධාවනයෙන් වළකින ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට SES කමාන්ඩර් මාර්ක් කැටෙල් දැනුම් දෙනවා. 

ප්‍රාන්තයට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර දැනටමත් ස්ථාන කිහිපයක ජල ගැලීම් වාර්තා වී තිබෙනවා. 

එවැනි ජලගැලීම් ආශ්‍රිතව මෝටර් රථ ධාවනයට තීරණය කළහොත් එය ජීවිතයේ ගන්නා අවසන් තීරණය වීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රියදුරන් නොවන සාමාන්‍ය ජනතාව ද ගංවතුරෙන් ඉවත්ව සිටිය යුතු බවටයි අවධාරණය කෙරෙන්නෙ. 

වසරේ මුල් දින හත ඇතුළත ගංවතුරෙන් විපතට පත්වූවන් 20 දෙනෙකු මුදා ගැනීමට සිදුවූ බවද ඔහු සඳහන් කරනවා. 

වික්ටෝරියා ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාවක් ලැබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඒ සමග හදිසි ජලගැලීම් සිදුවිය හැකි බවත් වර්ෂාව නිසා තවදුරටත් ගස් කඩා වැටිය හැකි බවත් කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »