මධ්‍ය ආදායම්ලාභීන්ගේ වියදම් පහතට

ඔස්ට්‍රේලියා මධ්‍ය ආදායම්ලාභීන්ගේ වියදම් කිරීමේ හැකියාව අඩුවී ඇති බව හෙළිව තිබෙනවා.

වැඩි බදු ප්‍රතිශත සහ උකස් ගෙවීම් හේතුවෙන් ඔවුන්ගේ ස්ථාවර වියදම් වැඩි වී ඇති බවයි KMPG ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය බ්‍රෙන්ඩන් රයන් පවසන්නේ.

එය ඔවුන්ගේ වියදම් කිරීමේ ශක්තිය අඩුවීමට සාධකයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මධ්‍ය ආදායම්ලාභීන්ගේ වැටුප් ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට සාපේක්ෂව වැඩි වී නැහැ. 

ඒ නිසා පසුගිය වසර 3 ඇතුළත වියදම් කිරීමේ හැකියාව සැළකිය යුතු ලෙස පහත වැටී තිබෙන බවයි හෙළිවී ඇත්තේ.

එහෙත් ඉදිරි බදු සංශෝධනය ඔවුන්ගේ ආර්ථිකය මදක් ස්ථාවර කිරීමට හේතුවනු ඇතැයි ආචාර්ය බ්‍රෙන්ඩන් රයන් පෙන්වා දෙනවා.

 

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »