වික්ටෝරියාහි ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම් වාර්තා වී තිබෙනවා.
උතුරු හා ඊසාන ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයේදී ද තද වැසි ඇතිවන බවයි කාලගුණ කාර්යාංශය පවසන්නේ.
දැනට වාර්තාවී ඇති උපරිම වර්ෂාපතනය මිලිමීටර් 50 ක් වන අතර මැන්ගලෝර් ප්‍රදේශයෙන් එය සටහන්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
බෙන්ඩිගෝ ඇතුලු ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 40 කට ආසන්න වැසි ලැබී තිබෙනවා.
වික්ටෝරියා ඉමර්ජන්සි සර්විස් සඳහන් කරන්නේ උපකාර අවශ්‍ය 110 කට වැඩි පිරිසක් ඇමතුම් ලබා දී ඇති බවයි.
ඉන් ඇමතුම් 55 ක් පමණ ජලගැලීම්වලට සම්බන්ධ බවයි වාර්තා වෙන්නේ.
ඉදිරි පැය කිහිපයේදී ද වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට තද වැසි සහ කුණාටු සහගත තත්ව ඇතිවිය හැකි බවටයි අනාවැකි පළව ඇත්තේ.