
ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ සඳහා විදේශිකයන් බඳවා ගැනීමට සැළසුම් කර තිබෙනවා.
පක්ෂ අංශ සාමාජිකයන් ගණන ප්‍රමාණාත්මකව වැඩි කිරීමේ අවශ්‍යතාවක් ඔස්ට්‍රේලියාව වෙත ඇති බවයි රජය පවසන්නේ.
එහිදී මිත්‍ර රටවල පුරවැසියන්ගෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් ලෙස පිරිසක් බඳවා ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

වෙනත් රටවල ආරක්ෂක අංශ ආශ්‍රිතව පුහුණුව ලැබූ ස්ත්‍රී පුරුෂ කණ්ඩායම් බඳවා ගැනීමට සැලසුමක් පවතින බවයි සඳහන් වෙන්නේ.
ඒත් එහිදී කරුණු රැසක් පිළිබඳව රජය අවධානය යොමු කරන බවයි වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ.

ආරක්ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාත්මකව අඩුවීම වැළැක්වීම සඳහා නියමිත කාලයෙන් පසු සේවයේ යෙදී සිටින පුද්ගලයන්ට අතිරේක මුදල් පිරිනැමීමටද රජය සැලසුම් කළා.
නියමිත කාලයෙන් පසු ආක්ෂක අංශවල රැඳී සිටීමට තීරණය කරන පුද්ගලයන්ට ඩොලර් පනස් දහසක ප්‍රසාද මුදලක් හිමිවෙනවා.