
ඉදිරි බදු සංශෝධනයෙන් බදු ක්‍රමවේදයට හා ජනතාවට අසාධාරණයක් සිදුවන බවට චෝදනා නැගෙනවා.
ලබන ජූලි පලවනදා සිට ඔස්ට්‍රේලියා බදු ක්‍රමයට සංශෝධන එක් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
ඒ අනුව වාර්ෂිකව ඩොලර් හතළිස් පන්දහසකට වැඩි ආදායමක් ලබන පුද්ගලයන්ගෙන් අයකරන බදු මුදල සියයට 30 දක්වා අඩු කෙරෙනවා.

වාර්ෂික ආදායම ඩොලර් ලක්‍ෂ දෙකක් දක්වා එම බදු ප්‍රතිශතය ක්‍රියාත්මක බවයි රජය පවසන්නේ.
ඒත් වාර්ෂිකව ඩොලර් හතළිස් පන්දහසට අඩු ආදායමක් ලබන පුද්ගලයන්ගේ බදු ප්‍රතිශතයෙහි වෙනසක් වන්නේ නැහැ.

එය සමාජය තුළ අසංවිධානාත්මක තත්වයක් නිර්මාණය කිරීමට හේතුවනු ඇතැයි ANU සෙන්ටර් ඔෆ් සෝෂල් රිසර්ව් ඇන්ඩ් මෙතර්ඩ් පෙන්වා දෙනවා.
නව බදු සංශෝධන හේතුවෙන් රජයට වාර්ෂිකව ඩොලර් බිලියන 30 ක් පමණ අහිමි වනු ඇතැයි ද මත පළ වෙනවා.