Search

වික්ටෝරියා ප්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපයේදී ධාරාණිපාත වැසි

හදිසි ජලගැලීම් ඇතිවිය හැකි ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු බව වික්ටෝරියා හදිසි අවස්ථා කළමනාකරණ කොමසාරිස් Rick Nugent පෙන්වා දෙනවා. 

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපයේදී ධාරාණිපාත වැසි ඇතිවීමට නියමිතයි.

ඒ හේතුවෙන් හදිසි ජලගැලීම් සිදුවනු ඇතැයි අනතුරු අඟවා තිබෙනවා. 

වික්ටෝරියා උතුරු, මධ්‍යම සහ මෙල්බන්හි ප්‍රදේශ කිහිපයකටත් අයහපත් කාලගුණයේ බලපෑම් එල්ල වනු ඇති.

කැරවෑන් සහ කඳවුරු භූමිවල රැඳී සිටින්නන් පවතින කාලගුණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි නියුජන්ට් පෙන්වා දෙන්නේ.

දැඩි සුළං නිසා ගස් කඩා වැටීමේ ඉඩකඩක් පවතිනවා.

එවැනි අනතුරුවලින් වැළකීමටත්, හදිසි ජලගැලීම්වලදී ජලය මතින් රථවාහන ධාවනයෙන් වැළකීමටත් අවධානය යොමු කළ යුතු බවයි වික්ටෝරියා හදිසි අවස්ථා කළමනාකරණ කොමසාරිස්වරයා සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »