
පරිසරයේ හදිසි ගිනිගැනීම් පාලනයට ජනතා සහාය ලබාගැනීම වැදගත් බව පාරිසරික දත්ත විශ්ලේෂක ආචාර්ය ඩැනියෙල් රයිට් පවසනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක ලැව්ගිනි ඇතිවීම පාලනය කිරීමට අපහසු තත්වයක් බවටයි, පත්ව තිබෙන්නේ.
එහෙත් ගිනි ඇතිවීමේ තත්ව පිළිබඳ චන්ද්‍රිකා දත්ත ලැබෙන බව ද රයිට් පෙන්වා දෙනවා.

ඒවා ඇතැම්විට නිවැරදි වන බවත් ඇතැම්විට වැරදි පුරෝකථන ඉදිරිපත් බවත් තහවුරු වී තිබෙනවා.
ඒ නිසා ස්වාභාවික ගිනිගැනීම් පාලනයට ජනතා සහාය ලබාගැනීමට ඔස්ට්‍රේලියා රජය අවධානය යොමු කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

ආචාර්ය රයිට් කියාසිටියේ මෙල්බන් ආශ්‍රිතව ජනතා සහාය ලබාගැනීම ආරම්භ කර ඇති අතර, ඔවුන්ගෙන් තණකොළවල ස්වභාවය පිළිබද නිරීක්‍ෂණ වාර්තා රැස් කරන බවයි.
තණකොළ වියළීම සහ ගිනිගැනීම් ස්වභාවය සාමාන්‍ය ජනතාව නිවැරදිව වටහා ගැනීමට සමත් බව ද ඔහු පෙන්වා දෙනවා.